Saturday, March 26, 2011

නැත මගෙ හදේ වෙනසක් අද දින මෙන්ම...


ඔබෙ නෙතු අගින්
මා දෙස බැලු ඒ මොහොතේ..
මගෙ හද පිබිදුනා
හිමිදිරියට ලාහිරු සේ...
වදන් ඇතත් දොඩමලුවට
සයුරක් සේ..
නැත අවසරක් අප ල0වන්නට
මෙලොවේ....

ඔබේ වදන් මගෙ සවනට
ගොඩවදින.
දිනය කිමද අප අයේ
මුනගැසෙන..
දෙතොල් අගින් ඔබෙ වදනක්
පිටව ගිය..
මොහොත තමා මගෙ හදවත
විවරවුන..

ස0සාරේ අප හමූයේ
මෙපමණද?
ඒ හැම වෙලේ මා හට ඔබ
හිමි නැතිද?
මේ මතු භවේ ඔබ හමුවන
යම් දිනෙක..
නැත මගෙ හදේ වෙනසක්
අද දින මෙන්ම....

No comments:

Post a Comment